මහ වැසි මැදත් උද්ඝෝෂකයෝ සටන අත්නොහරිති

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියේ ඊයේ(09) ආරම්භ කළ විරෝධතාවය මහ වැසි නොතකමින් දෙවන දිනටත් අද (10) දිනයේද ක්‍රියාත්මක වනවා.

ඊයේ(9) පෙරවරු නමයට පමණ ගාලුමෝදර පිටිය ට රැස්වූ ජනතාව සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කළා.

එලෙස ආරම්භ කරන ලද විරෝධතාවයට ඊයේ(09) පස්වරුව වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආගමික නායකයන්, සිවිල් සංවිධාන ඇතුළු මහජනතාව එක්රැස්ව සිටියා.

“නිර්පාක්ෂික ජනතා අරගලය” යනුවෙන් නම් කර තිබූ එම මහජන උද්ඝෝෂණයට එක් වූ පිරිස් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම අසලට රැස්ව සිය විරෝධතාවය පළ කළේය.

උද්ඝෝෂණයට එක්ව සිටි මුස්ලිම් ප්‍රජාව ඊයේ පස්වරුවේ මාර්ගයේදීම සිය ආගමික චාරිත්‍ර ඉටුකළේය.

පිරිස ඊයේ(09) රාත්‍රිය පහන් කරනු ලැබුවේද ගාලු මුවදොර පිටිය වීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයා ඉල්ලා අස් වනතෙක් විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක බවයි විරෝධතාවයට එක්ව සිටින පිරිස් පවසන්නේ.

“නිර්පාක්ෂික ජනතා අරගලය” යනුවෙන් නම් කර තිබූ එම මහජන උද්ඝෝෂණයට එක් වූ පිරිස් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම අසලට රැස්ව සිය විරෝධතාවය පළ කළේය.

එමෙන්ම උද්ඝෝෂකයින් මාර්ගයේ එක්රැස්ව තිබූ කසල ස්වේච්ඡාවෙන්ම ඉවත් කිරීමට කටයුතු කිරීමත් විශේෂත්වයකි.

Leave a comment

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept