ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතුව අවවාදත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද(03) පස්වරු 1ට පමණ නිකුත් කර ඇති මෙම නිවේදනය අද(03) රාත්‍රී 9 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් වව්නියාව, මන්නාරම, බදුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවේදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a comment

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept