මෙරට රාජ්‍ය සේවකයාට නිසි තැන ලබාදීමට වත්මන් රජය සූදානම්

සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි

මෙරට රාජ්‍ය සේවකයා පිළිබඳ වත්මන් රජයේ විශ්වාසය තබා ඇති බවත් අපහසු කාල සීමාවක වුවද උපාධිධාරින් ඇතුලු ඇතම් පිරිස් රාජ්‍ය සේවයට එදා මෙන් වත්මන් රජය එක් කර ගෙන ඇති බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

විවිධ පාර්ශ්ව විසින් රට තුළ දුර්මත ප්‍රචාරය කරන අවස්ථාවේ එයට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රටේ පවතින ආර්ථික කලමනාකරණයට සීමාවන් පනවා තිබුන ද මෙරට රාජ්‍ය සේවකයාට නිසි තැන ලබාදීමට වත්මන් රජය සූදානම් බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර සිටිනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දිවයින පුරා රාජකාරී කටයුතු සිදු කළ උපදේශන සහකාර නිලධාරින් 76 දෙනෙකු මනෝ විද්‍යා උපදේශන නිලධාරි තනතුරට අන්තර්ග්‍රහණය කිරීම අද(23) දින අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණු  අවස්ථාවේදීයි.

වර්ෂ 15 ට පසු ලබාදුන් මෙම අන්තර්ග්‍රහණය තුළින් උපදේශන සහකාර නිලධාරින් හට වෘත්තියේ ගෞරවය ලබාදීමට හැකි වූ බවත් මේ තුළින් විධිමත් උපදේශන සේවාවක් මහජනතාවට ලබාදීමට හැකි පරිසරයක් ද නිර්මාණය වූ බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියා.

මෙම අවස්තාවට සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා, අතිරේක ලේකම්වරුන් වන නාලිකා පියසේන මහත්මිය සහ හේමා පෙරේරා මහත්මිය, උපදේශන අංශයේ අධ්‍යක්ෂිකා කේ.ජී.ආර් ප්‍රියදර්ශණ මහත්මිය ඇතුලු නිලධාරින් රැසක් සහභාගි ව සිටියා.

Leave a comment

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept