ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දියානු රජය කරනු ලබන සහයෝගයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත සිය ස්තූතිය පළකර තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.
පසුගියදා ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ආධාර සම්බන්ධයෙන් එහිදී අගමැති විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ ස්තූතිය පුදකර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
මේ අතර ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වනවා.