ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදි තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග රුපීයල් කෝටි 28.81 කට (ඉන්දීිය රුපියල් කෝටි 10.75කට ) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
මෙවර වෙන්දේසීයේදී වනිඳුව ලබා ගන්නා තෙක් විදේශීය ක්‍රීඩකයෙකුට හීමිවූ වැඩිම වටිනාකම මෙයයි.
වනිඳු මිලදී ගැනීීම සඳහා බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කණ්ඩායම අතර දැඩි තරගයක් දක්නට ලැබුනා.
පසුගීය ඉන්දීීය ප්‍රීමියර් ලීග තරගාවලිය්දී වනිඳු ක්‍රිඩා කරනු ලැබුවේ ද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන්.
2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනය 12 වෙනිදා බැංගලූරුහී දී නිමා වුණා.
එහිදී ක්‍රීඩකයින් 97 දෙනෙකු වෙන්දේසිය ට නම් කෙරුණද කණ්ඩායම් හිමිකරුවන් විසින් මිලදී ගනු ලැබුවේ ඉන් ක්‍රීඩකයින් 74 දෙනෙකු පමණයි.
අනෙකුත් ක්‍රීඩකයින් 23 දෙනා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.
වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වුණේ ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂන්.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහු ඉන්දීය රුපියල් කෝටි 15.25 කට මිලදී ගනු ලැබුවා.
දීපක් චහාර් ඉන්දීය රුපියල් කෝටි 14කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.
ෂ්රෙයස් අයියර් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 12.25කටයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත්, ආරම්භක දිනයේ ඒ සඳහා ඉදිරිපත් කෙරුණේ වනිදු හසරංග පමණයි.
වෙන්දේසියේ පළමු දිනයේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා
ඉෂාන් කිෂන් : මුම්බායි ඉන්දියන්ස් – ඉන්දීය රුපියල් කෝටි 15.25
දීපක් චහාර් : චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 14
ෂ්රෙයස් අයියර් : කොල්කටා නයිට් රයිඩර්ස් – ඉන්දීය රුපියල් කෝටි 12.25
ශර්දුල් තාකූර් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 10.75
හර්ෂාල් පටෙල් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 10.75
වනිදු හසරංග : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 10.75
නිකලස් පූරාන් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 10.75
ලොකී ෆර්ගියුසන් : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 10
අවේෂ් ඛාන් : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 10
ප්‍රසිද් ක්‍රිෂ්නා – රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 10