නිව් යෝර්ක් හි මහල් 19 කින් යුත් බ්‍රොන්ක්ස් නිවාස සංකීර්ණයේ හටගත් ගින්නකින් ළමුන් නව දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු ජීවිිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් පුද්ගලයින් 32 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
මෙය වසර 30ක කාලයක් තුළ නිව් යෝර්ක් නුවර සිදු වූ දරුණුතම ගිනි ගැනීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විදුලිය විසන්ධිවීමක් හේතුවෙන් හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා 200ක පමණ පිරිසක් යොදවා ඇති බව නගරාධිපතිවරයා පවසනවා.