එන්නත් සඳහා ප්‍රතිචාර නොදක්වන තවත් කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ප්‍රංශයෙන් වාර්තා වී තිබෙනවා.
බී. 1. 640.2 හෙවත් අයි එච් යූ ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය පළමුවෙන් එරටින් සටහන් වී තිබුණේ පසුගිය මාසයේදී.
එම ප්‍රභේදය ආසාධිතයන් විශාල සංඛ්‍යාවක් ප්‍රංශයේ මාර්සේල් ඇතුලු නගර කිහිපයකින් ම හමුවී තිබෙනවා.
මෙම ප්‍රභේදයේ විකෘතීන් 46 ක් හඳුනාගෙන ඇති බවයි ප්‍රංශ විද්‍යාඥයන් කියාසිටියේ.
කෙසේ වෙතත් මෙම නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණ හැකියාව සීඝ්‍ර ව්‍යාප්තියක නොමැති බවටයි වාර්තා පළවන්නේ.