ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය ලොව පුරා තවත් රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
එහෙත් එය මෙතෙක් හඳුනාගැනීමට අපොහොසත්ව ඇති බවයි සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රස් ඇඩනම් මහතා සඳහන් කලේ.
මේ වනවිට ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාධිතයන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 77 ක්.
එමෙන්ම එය නිශ්චය කල නොහැකි වේගයකින් පැතිරයමින් ඇතැයිද අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.
ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය පළමුවෙන් වාර්තා වූයේ දකුණු අප්‍රිකාවෙන්.