Yonex Sunrise Bangladesh ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා කුසලානය – 2021

බංගලාදේශයේ දී පවත්වන ලද Yonex Sunrise Bangladesh ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා කුසලානය – 2021 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායමේ ශ්‍රී ලංකා යුධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩා කමිටුවට අයත් ක්‍රීඩකයින් වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල BTDD ගුණතිලක සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ආදුනික සෙබල HSP ඩයස් සහභාගී වූ අතර පසුගියදා (05) පැවැත්වුණු එහි අවසන් පිරිමි ද්විත්ව තරගයේදී එම තරගකරුවන් දෙදෙනා එහි ශූරතාවය දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව, මාලදිවයින, බංගලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය, සැම්බියාව සිම්බාබ්වේ යන රටවල් 9ක් එම තරඟාවලිය සඳහා සහභාගි විය.

Leave a comment

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept