මෙවර අලු බඳුන තරගාවලියේ පස්වන හෙවත් අවසාන ටෙස්ට් තරගය පර්ත් නුවරදී පැවැත්වීම අත්හිටුවා තිබෙනවා.
ඒ වෙනුවට ටැස්මේනියාවෙහි ප්‍රාන්ත අගනගරය සහ වඩාත් ජනාකීර්ණ නගරය වන හෝබාට් නුවරදී එය පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
පර්ත් නගරය අයත්වන බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ බලාත්මක නිරෝධායන රෙගුලාසි සහ ක්‍රිකට් තරගය පැවැත්වීම අතර පරස්පර කරුණු පැවතීම මීට හේතුවයි.
එංගලන්තය සඳහා ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 05 කින් සමන්විත අලුබඳුන තරගාවලියේ පළමු තරගය ලබන බදාදා බ්‍රිස්බන් හිදී ආරම්භ වනවා.
දෙවන තරගය – 16 ඇඩිලේඩ්
03 වන තරගය – 26 මෙල්බන්
04 වන තරගය – ජනවාරි 05 සිඩ්නි
05 වන තරගය ජනවාරි 14 වනදා පර්ත් හිදී ආරම්භ කිරීමට නියමිතව තිබුනේ.